Thursday, February 13, 2020



2019 ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සහ ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ 

විද්‍යායතනය සංවිධානය කරන ලද ,දියවැඩියා දිනය නිමිත්තෙන්  පවත්වන ලද

  බහුමාධ්‍ය  ජාතික තරගාවලියේ හත්වන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ

ආර්.ඒ.සොනාල් ආදිත්‍ය සිසුවා සමත් විය.














Wednesday, October 16, 2019

සෞඛ්‍යය ප්‍රවර්ධන වැඩමුළුව






කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙහෙයවන ලද නව යොවුන් විය පිළිබඳ 8 හා 9 ශ්‍රේණි සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.10.11 වන දින අප විද්‍යාලයේ පැවැත් විණ.
මේ සඳහා නව තාක්ෂණික මෙවලම් භාවිතය  කැපී පෙනෙන ලක්ෂණයක් විය.එවගේම වීඩියෝ දර්ශන අතුලත් ඉදිරිපත් කිරීම් සිසුන්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත් විය.

Tuesday, October 8, 2019

Smart School නිසා අප ලද වරප්‍රසාද



Smart School ව්‍යාපෘතිය යටතේ අපට හිමිවූ   office 365 පැකේජය නිසා අප ගුරුභවතුන් හට තම පාඩම් සැලසුම් සහගතව හා නිර්මාණාත්මකව සකස් කර ගැනීමට අවස්ථාව හිමි විය.

මෙමගින් පාඩම් කලින් සාදා තබා ගැනීමට ගුරුවරුන්ටත් සිසුන් හට නිවසේදී වුවද තම පාඩම් බලා ගැනීමටත් ප්‍රශ්නාවලි සඳහා පිළිතුරු දීමටත්  විනෝදයෙන් ඉගෙන ගැනීමටත්  හැකියාව ලැබී ඇත.


මෙහිදී  සන්නිවේදනය සඳහා Microsoft outlook  ද,
Onedrive,Excel.powerpont,onenote,sharepoint,sway,forms 
වැනි විවිධාකාර මෘදුකාoග මේ සඳහා උපකාරී විය.



Office.com logging page






අපගේ ඉගෙනුම් කළමණාකරන පද්ධතිය වෙත මෙතනින් පිවිසිය හැක.
වහරක ම.වි.learning management system


පහත සඳහන් කිරීමට ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද අවස්ථාව සැලසේ









Wednesday, October 2, 2019

නව තාක්ෂණය මුසු වීමත් සමග පරිසර නියමුවන් සඳහා වූ නියමු වැඩසටහන






ජලය සුරකිමු යන මාතෘකාව යටතේ ඉතා ආකර්ශණීය 
ඉදිරිපත් කිරීමක් සමග අගනා දේශනයක් අප පාසලේ 
සම්පත් දායක  බුද්ධිකා විතාරණ මහත්මිය විසින් සිදුකරණ ලදී.

අප ගැන


අපගේ දැක්ම

 "ගුණ නැණ හා සවිබලයෙන් පිරි දරුවන් වේය උතුම්"



මෙහෙවර

 පූර්ණ විෂය මාලාව තුළින්

 අපේක්ෂිත නිපුණතා සපුරා ගනිමින්

සමාජ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ,

යහපත් ගති පැවතුම් හා සාරධර්ම වලින් පිරිපුන් නිර්මාණශීලී දරුවන් සමාජයට දායාද කරලීම

අපගේ මෙහෙවරයි.




පාසල් ගීතය


දිලේවා……//
විදුමිණි කිරණක් වී
සිසු කැළ ණිති යහ මගෙහිම රදවා
වහරක මහ විදුහල් මෑණී
විදුහල් විමනේ ගුරුසිත සනසා
සුසිරිත් කිරනින් පැහැපත්වී
දිනු බිම සරු කොට පෙරටම යමු අපි
සමගි සාමයෙන් එක්සත් වී
නැණ ගුණ බල ලැබ පිරිපුන් මිනිසුන්
විලසින් නව ලොව දැක ගන්නයි
සම මෙත සෙනෙහස කරුන සිසිලස
නිරතුරු හදවත ගල්වන්නයි
දෙදහස් වසරක අභිමන සුරකින
විජය මගක පිය එසවේවා
වහරක විදුහල් මව් සෙවනේදී
නිවහල් සිතුවිලි පිබිදේවා
දිලේවා……….//
විදුමිණි කිරණක් වී
සිසු කැළ ණිති යහමගෙහිම රඳවා
වහරක මහ විදුහල් මෑණී………………///

 




.

ස්මාර්ට් school ව්‍යාපෘතියේ පළමු ප්‍රගති සමාලෝචන වැඩසටහන








ස්මාර්ට් school  ව්‍යාපෘතියේ පළමු ප්‍රගති සමාලෝචන වැඩසටහන 2019.09.30 වන දින අටුළුගම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.මේ සඳහා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අන්සාෆ් මහතාද,ඩයලොග් සහ Headstart ආයතනය නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීන්ද,පළාත් සුහුරු පාසල් තානාපතිවරු සහ විදුහල්පති,නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන්ද  මේ සඳහා එක්විය.

                          මෙහිදී දැනට සුහුරු පාසල් ව්‍යාපෘතියේ පවතින ගැටළු හා අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවිය.




Smart card






අප විද්‍යාලයේ සිසුන්හට office 365 ගිණුම් හඳුන්වාදීම සඳහා 

office 365 පැකේජය සඳහා පුහුණුවීම් ලද අනෙකුත් ගුරු භවතුන්ද සහභාගීවිය.



2019 ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සහ ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ  විද්‍යායතනය සංවිධානය කරන ලද , දියවැඩියා දිනය නිමිත්තෙන්  ප...